වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවයේ බලපෑම නිසා, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇත.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම තත්වය බලපානු ඇත. සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙම තත්වය බලපානු ඇත.
දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං (පැ. කි. මී. 80 දක්වා) බලාපොරොත්තු විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
සවස 4.10ට නිකුත් කරන ලදි
හෙට සිට වැස්ස අඩුවන ලකුණු
පවත්නා වැසි සහිත කාලගුණ තත්වය හෙට සිට තාවකාලිකව අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ නමුත් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය :21/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
27 |
22 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
27 |
23 |
95 |
90 |
විටින් විට වැසි. |
|
කොළඹ |
29 |
23 |
95 |
75 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
23 |
95 |
70 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
27 |
23 |
95 |
85 |
විටින් විට වැසි. |
|
මහනුවර |
24 |
19 |
95 |
85 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
නුවරඑළිය |
16 |
11 |
95 |
90 |
විටින් විට වැසි සහ උදෑසන කාලයේ දී මීදුම සහිත. |
|
රත්නපුරය |
30 |
22 |
95 |
80 |
අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි/ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
28 |
23 |
95 |
85 |
විටින් විට වැසි. |
|
මන්නාරම |
28 |
23 |
95 |
85 |
විටින් විට වැසි . |
හෙට සිට වැස්ස අඩුවන ලකුණු
පවත්නා වැසි සහිත කාලගුණ තත්වය හෙට සිට තාවකාලිකව අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ නමුත් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. විශේෂයෙන් කන්කසන්තුරේ සිට ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙම තත්වය බලපානු ඇත.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ.කි.මි. 80ක් පමණ දක්වා ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.
මුලතිවු සිට කන්කසන්තුරේ, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.
අදත් තද වැසි
වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වළාකුලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත් වලට මෙම තත්වය බලපානු ඇත.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 150 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
දිවයිනට නැගෙනහිරින් සහ දකුණින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි තවදුරටත් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
තද වැසි පිළිබඳ කාලගුණ නිවේදනය.
ඉදිරි පැය 24 සඳහා 2014 දෙසැම්බර් මස 20 වන දින උදෑසන 09.00 ට නිකුත් කරන ලදී.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය)
අදත් තද වැසි
පෙරවරු5.3ට
වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවමත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එමනිසා, දිවයිනේ මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විශේෂයෙන් අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්‍රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 කට වඩා වැඩි) අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ. කි. මී. 80 දක්වා) ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයිනට දකුණින් සහ නැගෙනහිරින් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය පැ.කි.මි. 80ක් පමණ දක්වා ඉහල යා හැකි බැවින් තාවකාලිකව මුහුදු ප්‍රදේශ රළු විය හැක.
කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම සහ මීගමුව හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

