දිවයින පූරා දන්සැල් 8581 ක්


(මහින්ද  නිශ්ශංක )

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ලියාපදිංචි වී ඇති මෙම දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස සංවිධායකවරුන්ට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.