දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන්


(ගයාන් සූරියආරච්චි) 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පුද්ගලයන් 156,806 ක් අවතැන් වී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ගංවතුර හේතුවෙන් පවුල් 45067 ක් අවතැන් වී ඇති අතර පුද්ගල මරණ 103 ක් වාර්තා වන බව ද පොලිසිය කියයි.

මේ අතර පුද්ගලයන් 137 දෙනකු අතුරුදන් වී ඇති බවද පොලිසිය කියයි.

උඩුදුම්බර ප්‍රදේශයේ නාය යෑමෙන් වක්වාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකුගේ මව සහ වැඩිමහල් සහෝදරියක ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කරයි.