දිලුම් අමුණුගම ඉවත් කළාට විරෝධය


මහින්ද රාංපක්ෂ හිටපු ජනපති හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කළ හිටපු සෙංකඩගල ආසන සංවිධායක දිළුම් අමුණුගම මන්ත්‍රිවරයා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිම නිසා  මහනුවර මහ නගර සභාව,  ගඟවට කෝරලේ ප්‍රාදේශිය සභා  මන්ත්‍රිවරුන් වත්මන් ජනපති සමග පක්ෂයේ සිටිනවාද නැද්ද කියා ඉදිරියේදි තීරණයක් ගන්නා බව   සෙංකඩගල ආසනයේ මන්ත්‍රිවරු කියති.

දිලුම් අමුණුගම මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරිමට විරෝධය දක්වා සෙංකඩගල ආසනයේ  ප්‍රාදේශිය සභා  හා මහනුවර මහ නගර සභා මන්ත්‍රිවරුන් විසින් අද (02) මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදී එසේ කීහ.

වසර 58 ක කාලයක් මහනුවර මහනගර සභවේ බලයද, වසර 13 ක් ගගවට කෝරලේ ප්‍රාදේශිය සභාවේ බලයද දිගින් දිගටම එජාපයට හිමිවේද්දී සෙංකඩගල ප්‍රධාන සංවිධායක ලෙස පත්වු දිළුම් අමුණුගම මහතාගේ පැමිණීමත් සමග ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණ ලබා ගැනීමට සමත්වූ බවත් එවැනි විශිෂ්ට කාර්යක් කළ මන්ත්‍රිවරයෙකු ඉවත් කිරිමෙන් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය ලබාදීමේ සියුම් කුමන්ත්‍රණයක් පක්ෂයේ ඇතැයි සැකයක් මතුවන බවත් මහනුවර නාගරික මන්ත්‍රි ආනන්ද වි‍ජේරත්න මහතා පැවසිය.

dilum_web201632