(සනත් ගමගේ)
අම්බලන්තොට මහා විදුහලේ ඉඳිකරන ලද තාක්ෂණික ගොඩනැගිල්ලට අදාළ නාම පුවරුවක අම්බලන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධීවර රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ඡායාරූපය ඇතුළත් කර නැත්තේ ඇයිදැයි නිවාස හා ඉඳිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් දමිත් මහතා සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හා පළාත් ඇමැති වරුන්ගේ ඡායාරූප ඇතුළත් කර අදාළ කොටස භාර රාජ්‍ය ඇමැතිවරයාගේ ඡායාරූපය ඇතුළත් නොකිරිම ගැටළුවක් බවද ඒ මහතා කීවේය.
තම ඡායාරූපය මුද්‍රණය කරගැනීමට අවශ්‍යතාවයක් නොමැති නමුත් යහපාලන රජයක් යටතේ කරන සංවර්ධන ව්‍යාපෘති වලදී මෙලෙස නම් ගම් මග නොහැරීමට නිලධාරීන් වග බලා ගතයුතු බවත් වෙදආරච්චි මහතා ප්‍රකාශ කළේය.


