තජිකිස්ථානයේ මුර්ග්හොබ් පෙදෙස අපකේන්ද්‍රය කරගත් භූමිකම්පාවකින් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ගොඩනැගිලි හෙල්ලුම් කෑ බව එන්ඩීටීවී රූපවාහිනිය කියයි.
ඇමරිකාවේ භූ විද්‍යාත්මක සමීක්ෂණ කාර්යංශය කියනුයේ එම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 7.2 ක ප්‍රභලත්වයකින් සිදුවූ බවයි.
මෙම ප්‍රබල භූමිකම්පාව කරාකුල් පෙදෙසට නිරිත දෙසින් කිලෝමීටර් 111 ක් දුරින් පොළොව යට සිදුවූ බව ඇමරිකා භූ විද්‍යා ආයතනය කියයි.
නව දිල්ලියේ හා උතුරු ඉන්දියාවේ කොටසක ගොඩනැගිලිද හෙල්ලී ගිය මෙම භූමිකම්පාවේ බලපෑම කාෂ්මීරයටද දැනී ඇත.
ගිය ඔක්තෝබරයේ එහි රිච්ටර් මාපකයේ 7.5ක භූමිකම්පාවකින් 280 දෙනෙක් මරුමුවට පත්වූහ. ඉන්දීය අගනුවර වන නව දිල්ලියේ ගොඩනැගිලි මේ භූමිකම්පාවෙන් මිනිත්තුවක් පමණ හෙල්ලුම්කෑ බවත් ඒ සමගම ඉන්දීය වැසියන් ගොඩනැගිලිවලින් එළියට පැන මහපාරවලට පැමිණ සිටි බවත් කියති.



