කංසා කොළයේ පවත්නා ටී.එච්.සී හෙවත් ටෙට්‍රා හයිඩ්‍රෝකැනබිනෝල් නම් රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩියාව වළක්වා ගැනීමට හැකි වෙතියි ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝසප් ඇල්පට් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් කැරුණු පර්යේෂණයක් කියයි.
තවත් බොහෝ මූලික හා සායන පර්යේෂණ කළ යුතු බවත්, දීර්ඝ කාලීන වශයෙන්, පිළිකා දියවැඩියා හා මහල්ලන්ගේ අබල දුබලතා නැති කිරීමට මෙම රසායනය යොදා ගත හැකි බව පෙනෙන බවත්, පර්යේෂණ කණ්ඩායම ‘ඇමෙරිකන් ජර්නල් ඔෆ් මෙඩිසින්‘ නම් වෛද්‍ය බසඟරාවට සිය පර්යේෂණ ප්‍රතිඵල අළලා ලියූ ලිපියෙන් මහාචාර්යවරයා සදහන් කරයි.
කංසා ශරීර ගත වූවන්ගේ ඉන්සියුලීන් ප්‍රමාණය ශරීර ගත නොවූවන්ගේ ඉන්සියුලීන්වලට වඩා සියයට 16කින් අඩු වූ බව මහාචාර්ය ඇල්පට් කියයි.
ලොකු ඉඟක් ඇති අයට දියවැඩියා අනතුරක් ඇති බව ද මේ පර්යේෂණයේදී සොයා ගැනිණි.