දියවැඩියාව තිබුණත් බාස්මතී කන්න වරම්


කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දියවැඩියාව ට ගුණදායක බාස්මති වර්ගයේ රතු සහලක්  “ නිරෝගී සහල් “ නමින් මේ මාසයේදී හඳුන්වා දෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා කියයි.

මෙම වී වර්ගය මුලින්ම බතලගොඩ වි පර්යේෂණ මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිපදවා එහි පරික්ෂණ තෙත් වියළි හා අතරමැදි කලාපවල වගාකර සාර්ථක ප්‍රතිඵල කොළ පාළුවටත් ගොක් මැස්සාගේ දුඹුරු පැල හානියටත් ඔරොත්තු දෙන බවත් බොහෝ බාස්මති සහල් ඉන්දියාව පකිස්තානය වැනි රටවල නිපදවන බවත් එහි ගුණාත්මක බවද ඔහු කියයි.

මෙරට වී වර්ග සමග දෙමහුම් කර නිපදවු මෙම බාස්මති සහල් පිසීමේදී  ජලය එකතු කරන අනුපාතයක් ඇති බව බතලගොඩ වි පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා අමිතා බෙන්තොට මහත්මිය කියන්නීය.

rice_2015113L-1 rice_2015113L-2 rice_2015113L-3 rice_2015113L-4 rice_2015113L-5