දියතලාව රෝහල ඒ ශ්‍රේණියට


(අංජුල මහික වීරරත්න)

සංචාරයක ක්ෂේත්‍රයේ  සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල ඒ මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මූලික  බලාපොරොත්තුව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ දියතලාව රෝහලේ විශේෂ නිරික්ෂණයකට එක්වෙමිනි.

දියතලාව මුලික රෝහලේ දැනට තිබෙන අක්කර 7 ක  භූමි සීමාව  උපරිම මට්ටමට දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවද අමාත්‍යවරයා කීය.

ජනගහණය, ස්වභාවික සම්පත් සහ පහසුකම්, ඌණතා සහ දුෂ්කරතා ආදී සියල්ල බද්ධ වන මෙරට ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංචාරක ව්‍යාපාරයට ද මුලිකත්වයක් හිමිවන  දියතලාව ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය එමගින් වර්ධනය වනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් බවට පත් කිරීම දියතලාව රෝහල මුලික රෝහලක් තත්ත්වයෙන් ඉවත් කිරීමක් නොවන බව කී අමාත්‍යවරයා දියතලාව මුලික රෝහලේ පහසුකම් අඩු කර බණ්ඩාරවෙල මුලික රෝහල සංවර්ධනය නොකරන බව ද සඳහන් කළේය.

  මෙම මුලික රෝහල් දෙකම අත්‍යාවශ්‍ය රෝහල් දෙකක් වන බැවින් රෝහල් දෙකටම අවශ්‍ය පහසුකම් ලබා දී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.