දියතලාව මැණික්වලින් එක්කෝටි අසූපන් ලක්ෂයක්


ශ්‍රී ලංකා යුද හමුදාවේ දියතලා කඳවුර පිහිටි හලංගොඩ වැව ආශ්‍රිත බිමේදී සොයාගත් මැණික් රුපියල් එක්කෝටි අසූපන් ලක්ෂයකට පමණ අද අලෙවි විය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන කළමනාකරු ජී ඩබ්ලිව් ගුණරත්න මහතා රත්නපුරේදී මේ වෙන්දේසිය පැවැත්වීය.

මැණික් ස්වභාවික ආකාරයෙන්ම වෙන්දේසියට ඉදිරිපත් කළ අතර කැරට් 104ක් වූ ගෙවුඩ තොගයක් රුපියල් හැත්තෑ දෙලක්ෂයකට පමණ අලෙවි විය.

අඩුම මිලට අලෙවි වූයේ දළං තොගයකි. එහි වටිනාකම රුපියල් තිස්පන් දහසක් පමණ විය.