
(සමන් පාලිත නානායක්කාර)
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද (23 ) පැවසීය.
මෙම පුද්ගලයින් දෙදෙනා ගේ සමීපතම ආශ්‍රිතයෙන් සිව්දෙනකු ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ අතර මාළු වෙළඳසැලට සම්බන්ධ කඩ පේලියක කඩ දහයක් ද වසා තැබීමට පියවර ගත් බව සභාපතිවරයා පැවසීය.
ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය කමිටුව හෙට (24) දින හපුතලේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී රැස්වන බවද සභාපති කන්දසාමි කන්නා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

