දිය වැඩියා පරීක්ෂණයට ගිහින් පොලීසියේ ලගී


දියවැඩියාව ඇද්දැයි නොමිලේ පරීක්ෂා කිරිම සඳහා කළුතර නගර සභාවේ සේවකයින්  කිහිප දෙනකුගෙන් එකම ඉඳි කටුවෙන් ලේ ගත් බව කියන පෞද්ගලික සමාගමක නියෝජිතයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසිය කියයි.

කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  උදය පරණමාන්න මහතා දකුණු කළුතර පොලීසියට මේ බව පැමිණිලි කළේය.

මේ ආකාරයට සේවකයන් 60 දෙනකුගෙන් ලේ ගෙන ඇතැයි ද  පොලීසිය සදහන් කළේය.

නගර සභා සේවකයින් පවසනුයේ  එම සායනයේ අරමුණ දිය වැඩියා පරීක්ෂණ සඳහා වන කුඩා යන්ත්‍ර අලෙවි කිරීම බවයි.