දිය තටාකයකට වැටී සිසුවියන් දෙදෙනකු මරුට


(ගයාන් සූරිය ආරච්චි)

මුලතිව්, කුමළමුනේ ප්‍රදේශයේ කෝවිලක දිය කැපීම සඳහා සාදන ලද තටාකයකට වැටී සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මුල්ලියාවේලි, මාමුලේ ප්‍රදේශයේ පදිංචි ආර්. කිරුෂිකා සහ ආර්. ර්ශ්මිදා නැමැති 15 හැවිරිදි  දැරියන් දෙදෙනෙකි.

මෙම දැරියන් දෙදෙනා දිය කැපීම සඳහා සකසා තිබූ තටාකයේ ඡායාරූප ගැනීමට  යාමේදී එම තටාකයට වැටී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.