දිඹුලාගලට කොරේ පිටට මරේ


දිඹුලාගල පවුල් හතලිස් දාහකට අධික පිරිසකට පානීය ජලය සැපයෙන මාදුරුඔය ඉෂඩ්.ඩී ඇළේ මාළු ලක්ෂ ගණනින් මිය යන බව ප්‍රදේශවාසීහු පවසති.ලොකු කුඩා මාළු මෙලෙස මියගොස් ප්‍රධාන ඇළේ සොරොව් වල සිරවී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමන බවද ප්‍රදේශවාසිහු කියති.දිඹුලාගල ජනතාව නියඟයකටද මැදිවී සිටිති.

දිඹූලාගල ප්‍රාදේශිය ලේකම් එස්.ජලදීපන් මහත්මිය පැවසුවේ එම ඇළේ ජල සාම්පල් හතරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් පරීක්ෂණයක් සදහා කොළඹට යවා ඇති බවයි.එම ඇළ මාර්ගයේ ජලය පරිහරණයෙන් වැලකී සිටින ලෙසට මහජනතාව දැනුවත් කර ඇති බවද ජලදීපන් මහත්මිය පැවසුවාය.

දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරිනියක් පැවසුවේ මෙම මසුන් මිය යෑමට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.මාදුරුඔය සහ ඉෂඩ් ඇළ භාර මහවැලි ප්‍රධාන නිලධාරීන් පැවසුවේ මියගිය මාළු ඉවත්කර ඇළ පිරිසිදු කරන බවයි.ඉෂඩ්.ඩී ප්‍රධාන ඇළේ සොරොව් වල යකඩවල මළකඩ ඉවත් කිරීමට යෙදූ රසායනික දියරයක් නිසා මෙම මාළු මිය යන බව ගැමියන්ගේ අදහසයි.

ඇලේ රස්නයත් සමඟ ඔක්සිජන් අඩුවීම මාළු මැරිමට  හේතුවක් යැයි කියති. පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයේ ජේ.එම්.පී.යු ජයසුන්දර  මහතා කියනුයේ පෙරදින (28) සෙල්සියස් අංශක 37.2 වු උෂ්ණත්වය අද (29) පස්වරු 2.30 වන විට  35.4 ලෙස සටහන් විය. වැසි අත ළඟ බවට මේ තත්වය සුබ ලකුණක් බවත් ඔහු කියති. සුමානයක් ඉක්මෙන්නට පෙර  වැසි ලැබෙනු ඇතැයි ගොවියෝ කියති.

DSC03933 DSC03922 DSC03925 DSC03925_876 DSC03931_89