(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුමුදුනේ, නිදන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ භක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍යය ඇතුළු පරිවාස චෛත්‍යය, සඳකඩ පහන්, මල් ආසන, පුරාවස්තු රැසක් නිදන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.
කඳු මුදුනේ තිබූ ඉපැරණි චෛත්‍යය, සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවස්තු ස්ථාන හොරුන් විසින් වැනසිම නිසා ඓතිහාසික වටිනාකම්, අතීතයට පෙන්වීමට අවස්ථා නොමැති බව පුල්ලිගොඩ රජමහා විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කලහ.
නිදන් හෑරීමෙන් අනතුරුව හොරුන් විසින් දමා ගිය වයර්, පහන්, බාල්දි, තාච්චි, ඇතුළු උපකරණ කිහිපයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.