දිඹුලාගල උල්කාව විද්‍යා නිධානයක්


දිඹුලාගල කුඩා වැව වෙල්යායට 2012 වර්ෂයේදී පතිතවූ උල්කාපාත කොටස් පිළිබඳව රුසියාවේදී කළ නවතම පරීක්ෂණ මගින් කෙරුණු අනාවරණ හරහා ශ්‍රී ලංකාව කෙරෙහි ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානය යොමුව ඇතැයි නාසා අයතනයේ සිටි කීර්තිමත් මහාචාර්යවරයකු වූ රිචඩ් බිං හූවර් පවසා ඇතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

පොළොන්නරුව දිඹුලාගල උල්කාපාතය තුළ වූ ‘ඩයටම‘ ජීවී කොටස් වෙන්කොට ගෙන එම ඩයටම තුළ අන්තර්ගතවූ විකිරණශීලීත්ව පරමාණු පිළිබඳව කරන ලද හැදෑරීමේදී එහි යුරේනියම්, තෝරියම්, ටයිටේනියම් වැනි විරල ලෝහ හඳුනාගැනීමට හැකිවී ඇතැයි කීර්ති වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මීට පෙර රුසියා ජාතික එලේනා පිකුටා, මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ, මහාචාර්ය රිචඩ් බිං හූවර් සම තමන්ද පොළොන්නරුව උල්කාපාත පිළිබඳ කළ පරීක්ෂණවලින් එහි නිර්වායු ස්වසනය කරන නවතම බැක්ටීරියා ප්‍රභේද දෙකක් හඳුනාගැනීමට හැකිවූ බවද වික්‍රමරත්න මහතා කීය.

තවද නව පරීක්ෂණවලින් මේවා තුළ පොසිලගතවූ සුන්‍යෂ්ටික ජීවී ප්‍රභේදයක්ද හඳුනාගෙන ඇතැයි ඔහු පැවසීය.

Proff.-Wickramasinghe--with-Keerthi-observing-meteoro20151129te-samples ulkapatha--20151129(4) ulkapatha-prarikshana-dath20151129wa-(2)