දිඹුලාගල ආදිවාසීහු කොළ මඩුව නටති


දිඹුලාගල දළුකාන ආදිවාසීහු දින දෙකක් කොළමඩුව නටා ගමේ අපල උපද්‍රව දුරු කිරීම සඳහා දෙවියන්ට පුද පූජා කළහ.

දළුකාන ආදිවාසී නායක හාතියැල ඇත්තන්ගේ අමරසිංහ කොළමඩුව ශාන්ති කර්මයේ ප්‍රධානියා විය.

ගස්, ගල්, ගිරු, සඳු, ජලය හා භූමිය දේවත්වයෙන් සැළකූ ආදිවාසීන් ස්වභාව ධර්මයට ගරු කිරීම සඳහා කොළමඩුව නටන බවත්, ඊතලවලින් කිරි ගස්වලට විද භාරහාර ඔප්පු කරන බවත් අමරසිංහ කියයි.