දිඹුලාගල ඉහළ ඇල්ලේවැව වැවේ දින 15ක කාලයක් රැඳී සිටි වල් අලියා අද පෙරවරුවේ වනජීවී නිලධාරීන්, පොලිසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු අල්ලා ගැනීමට සමත් විය.
වයස අවුරුදු 40-45 ත් අතර වයසේ පසුවන අලියා අද (28) සවස මින්නේරියට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමෙන් පසු හොරොව්පතාන අලි අනාථාගාරයට රැගෙන යාමට නියමිතය.




