දින කිහිපයක සිට දිඹුලාගල ඇල්ලේවැව ගම්මානයේ වැවක කොටුවී සිටින වල් අලියකු බේරා ගැනීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීම නිසා ධීවර කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අලියාගේ පිටේ තුවාල දක්නට ඇති බවත්, අලියා බේරා නොගැනීම නිසා වැවේ මිය ගියහොත් වැවෙන් පානීය ජලය ගන්නා ගම්මාන තුනක ජනතාව අපහසුතාවට පත්වන බවත් ඔවුහු පවසති.
මේ ගැන කළ විමසීමක දී වෙහෙරගල වනජීවී කාර්යාලයයේ අඩවි ආරක්ෂකයකු කීවේ අලියාට ප්‍රතිකාර කර මාදුරුඔය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන බවයි.





