මනම්පිටිය දිඹුලාගල කන්දේ අරලගන්විල පැත්තේ අක්කර දෙකහමාරක් පමණ ප්‍රදේශයක් නාය යෑමට ලක්ව ඇතැයි දිඹුලාගල ආපදා කළමනාකරණ නිලධාරී උපුල් කුමාර මහතා කියයි.
කුඩාවැව පැත්තෙන් මෙම නාය යෑම දක්නට ඇති බවත් මෑතදි පදිංචි කළ පවුල් 50ක් පමණ එහි සිටින බවත් දැන ගන්නට ඇත.මේ පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට දැන් වු බව ඔහු පවසයි.දින නවයක් තිස්සේම පොළොන්නරුව හා දිඹුලාගල පැත්ත ගංවතුරෙන් වෙන්වී ඇත.
අද (28) උදේ සැපැයුම් රැගත් දුම්රියක් මනම්පිටියට ළඟා විය .ආහාර හා ඉන්ධන ඉතා අරපරිස්සමින් භාවිත කරන බවත් යුද හමුදාව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අවතැන් වුවන් පිළිබඳව සොයා බලන බවත් උපුල් කුමාර මහතා කියයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිදු හානියක් වී සිදු වී නැත.




