දිපීකා එක්ක රඟපාන්න කත්‍රිනා අකමැතියි


2016-11-07-ent-05

බොලිවුඩයේ කලක් අංක එකේ නිළි කිරූළ දිනා සිටි කත්‍රිනා කයිෆ් ඉදිරියේදී නිර්මාණය කරන්නට සැලසුම් කර ඇති චිත්‍රපටයක් සඳහා එක්වීමට අකමැත්ත පළකර බව වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට මෙම චිත්‍රපටයෙන් ඇය ඉවත් වී ඇත්තේ එහි කත්‍රිනා ලබාදී ඇති චරිතයට වඩා ඉහළ චරිතයක් වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝන්ට ලබාදී තිබීමයි.

ජනප්‍රිය දමිළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ආනන්ද එල්. රායි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ දීපිකාට අමතරව බොලිවුඩයේ කිං ඛාන් වන ෂාරුක් ඛාන්ද රංගනයයෙන් දායක වන බව වාර්තා වෙනවා. ෂාරුක් සමගින් මීට පෙර දිපීකා මෙන්ම කත්‍රිනාද සිනමා පෙම්වතියන් ලෙස බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී තිබුණා.