ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ කෝප් වාර්තාව සම්බන්ධයෙන් අයවැයට පෙර විවාදයක් ඕනෑ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පක්ෂ නායක කමිටුවේ දී ඒ සඳහා දිනයක් වෙන් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.අපට හංගන්න දෙයක් නෑ ඒ නිසා විවාදයකට අපි සූදානම්යැයි ඔහු කීවේය.