දිනේෂ් විපක්ෂ නායක කරන සටන දිගටම


දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවියට පත් කිරීමේ ඉල්ලීමට සන්ධානයේ මන්ත්‍රීන්ගෙන් 58 දෙනකු අත්සන් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

නාරාහේන්පිට අභයාරාමයේ පැවති රැස්වීමකදී ඔහු පැවසූයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක කිරීමට අත්සන් කළ ඇතැම් මන්ත්‍රීන් එම අත්සන් අවලංගු කර දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් අත්සන් තබා ඇති බවයි.

කථානායකවරයාට ඔවුන්ගේ ඉල්ලීම බාරදීමට නියමිතය. පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහත්වරුද පැමිණ සිටියහ.