දිනෙන් දින පිරෙන මොරගහකන්ද


අඹන්ගඟ හරස් කරමින් ඉදිකළ මොරගහකන්ද ජලාශය මේ වන විට ජලයෙන් පිරෙමින් පවතී.  ජලාශයට යටවන ගම්දනව් වසාගනිමින් ජලය පිරෙද්දී දියකඳ මැද අතරමං වූ වන සතුන් බේරා ගැනීමට වනජීවි නිලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.
ශ්‍රී ලංකාවට දැඩිව බලපා තිබූ දැඩි වියළි කාලගුණය නිමා කරමින් පසුගිය දා ඇද හැළුණු මහ වැසිත් සමග ජලාශට වඩාත් වේගයෙන් ජලය ගලා එන්නට විය. නකල්ස් කඳු පන්තියෙන් සහ බෝවතැන්න ජලාශයෙන් පෝෂණය වන අඹන්ගඟ හරස් කර වර්ග කිලෝමීටර් 29.5 වපසරියකින් යුතු මෙම ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව්ගුණයක් විශාල බව වාරි ඉංජිනේරුවෝ කියති.
මකුලේමඩ කඳු පන්තිය, දම්මන්තැන්න කන්ද සහ මොරගොල්ල කඳු පන්තියෙන් මෙම ජලාශය වටවී ඇත. එහි ජල ධාරීතාව අක්කර අඩි 463,000 කි. මෙම ජලාශය මගින්  රජරට ගොවීන්ට  සහ පානීය ජල ප්‍රශ්නයට විසැඳුම් ලැබෙනවා පමණක් නොව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් ද එක් කෙරේ.

 

 ඡායාරූප කාංචන කුමාර ආරියදාස 300

301 302 303 304 305 306 307
299 298
දොරටු වැසීමට මොහොතකට පෙර (ඡායාරූප ක.ග.කරුණාරත්න)
297