දිනුක් පළමු පෙළ කඩුලූ 800 යි


ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණතම වමතින් පා දඟ පන්දු යවන්නකු වන දිනුක් හෙට්ටිආරච්චි මෙවර පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී 800 වැනි පළමු පෙළ කඩුල්ල දවාගැනීමට සමත් විය. මෙවර පළමු පෙළ තරගාවලියේ තරග 9 යේදී කඩුලූ 58 ක් දවාගත් දිනුක් මෙවර තරගාවලියේ තෙවැනි වැඩිම කඩුලූ ලාභියා බවටද පත්විය.

36 හැවිරිදි දිනුක් මේ වන විට පළමු පෙළ තරග 194 කදී කඩුලූ 801 ක් දවාගෙන තිබේ. එයට තරගයකදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 15 ක් සහ කඩුලූ 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 54 ක් ඇතුළත් වේ.

මෙවර පළමු පෙළ තරගාවලියේදී සී. සී. සී. පිල නියෝජනය කළ දිනුක් එහිදී කඩුලූ 10 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා දෙකක් සහ කඩුලූ 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගත් අවස්ථා 5 ක් වාර්තා කළේය. දිනුක් 2001 වසරේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කරමින් එහිදී කඩුලූ දෙකක් දවාගෙන තිබේ.

පළමු පෙළ කඩුලූ 800 දවාගත් ශී‍්‍ර ලාංකික පන්දු යවන්නන් අතර දිනුක්ට තෙවැනි ස්ථානය හිමිවෙයි. මුත්තයියා මුරලිදරන් (කඩුලූ 1374), සහ රංගන හේරත් (කඩුලූ 818) දිනුක්ට වඩා ඉදිරියෙන් සිටිති.
 

(●●)