16 හැවිරිදි දැරියකට දින පොතක් දෙන බව පවසමින් දැරිය නිවසට කැඳවා අතවර කරන්නට තැත්කළැයි කියන ගුරුවරයෙක්(48) ගලහ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය එන්නට පෙර අසල්වාසීන් දැරිය මුදාගෙන ඇති බවත්, ගුරුවරයා ද හොඳ හැටි පහර කා සිටි බව පෙනෙන්නට තුබූ බවත් පොලීසිය කියයි.

