දිනන හෙට ලොවට


අනගත වැඩ ලොවට සම්බන්ධ වීමට නම්  ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්විය යුතු බවත් 2015 වසරේ සිට අපො.ස සාමාන්‍ය පෙළ විභගය සදහා ඉංග්‍රීසි ඇහුන්කම් දීමට ලකුණු  20 ක් ලබා දීමේ ක්‍රමයක් සකස් කළේ  ඒ නිසා බවත් අවසන් බව අධ්‍යාපන නි‍යෝජ්‍ය අමාත්‍ය මොහන් ලාල් ග්‍රේරු  මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකශ කර සිටියේ කොළඹ දිස්ත්‍රිකයේ පාසල් දරුවන්ගේ මාපිය හමුවකට නුගේගොඩදී එක් වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ මොහන් ලාල් ග්‍රේරු  මහතා

‘ අපේ දරුවන්ට ඉංග්‍රීසි බැරි කමක් නෑ.ඔවුන්ට මෙච්චර කලයක් පුරුදු කරලා තියෙන්නෙ කියවීමට හා ලියන්න විතරයි. දරුවන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ලකුණු ගත්තහම ඇතියැයි  මා පියන් හිතනවා.නමුත් ඇත්ත ඒක නොවෙයි.දරුවා හොදින් ඉංග්‍රීසි කථා කරනව නම් ඊට සතුටු වි යුතුයි. ඉංග්‍රීසි කියන්නෙ ආභරණයක් නොවෙයි.ඒක ආයුධයක් කියන එක තේරුම් ගන්න.ඉතින් ඔවුන් ලොව සමග ගනු දෙනු කරන්න, රැකියවක් කරන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පාසලෙන් ලබා දෙන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව 2015දී ආරම්භ වන මෙම වැඩපිළිවෙලට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය ,මේ  වැඩකටයුතු කරන ආකරය වගේම ගුරු උපදේශක වරුන් පවා පුහුණු කර අවසන්.මෙම වැඩපිළිවෙල යටතේ දරුවන්ට පරික්ෂණ මණ්ඩලයක් ඉදිරියට ගොස්  නැටුම් සංගීත විභාගයේ ප්‍රා‍යෝගික පරීක්ෂණයකට පෙනී සිටින ආකරයට ඉංග්‍රීසි සදහාත් ප්‍රයෝගිකව මුහුණ දෙන්නට වෙනවා.‘

වටරැක පුණ්‍යාලෝක විහරාධිපති පූජ්‍ය මාවල්ගම ඥාණිස්සර නා හිමියන් කීවේ රටක අධ්‍යාපනයට මුල් තැනක් දිය යුතු බවත් දැනට පවතින නගරයට පමණක් සීමා වුණු ඉංග්‍රීසි භෂා අධ්‍යාපන රටාව ගම් පුරා ගෙනයන්නට දරන උත්සාහය අගය කරන බවය.

සමස්ත  ලංකා සංස්කෘතික සහයොගිතා පදනමේ සභාපති දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතා දෙමාපිය එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් කියා සිටියේ දශක ගණනාවක් මේ රටේ දරුවන් වෙනුවෙන් බලා සිටි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරිමට වත්මන් රජය ගෙන ඇති වැඩපිළිවෙලට සියලු දෙනාම වාද බේද - මතවාද අමතක කොට සහාය දිය යුතු බවය.‘