දිනකට යාපනේ කෝටියක මත්පැන් විකිණේ


යාපනේ ජනයා දවසකට රුපියල් කෝටියක මත්පැන් මිලදී ගනිතියි අලුත්ම සංඛ්‍යා ලේඛන කියයි. මෙය යාපනයේ ජනගහනය මෙන් පහළොස් ගුණයක වැඩි වීමකි.

සුරාබදු ආරංචි අනුව මින් තිස් වසරකට පෙර යාපනයේ මත්පැන් පාවිච්චියක් නොවීය.

අද බොහෝ අවන්හල්වල ද මත්පැන් විකිණීමට ඇත.

ඇතැම් පාසල්වල ඉහළ පන්තිවල ළමයින් ද මත්පැන් බොතියි කියති.

එක් ළමයකු සිය වතුර බෝතලයේ බීර ගෙනා බව ගුරුවරයෙක් කියයි.

රා හැර දිනකට අරක්කු බීර හා රට මත්පැන් අළෙවිය රුපියල් හැත්තෑ පන් ලක්ෂයට ආසන්න වේ.

රා ලීටර හැට ලක්ෂයකට වැඩියෙන් ගිය වසරේ අළෙවි විය.

රා ලීටයරක මිල රුපියල් 40කි.

මත්පැන් නිසා මැර ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවී ඇත. ඇතැම් පාරවල යෑම ද අනතුරු දායක බව යාපන වැසියෝ කියති.

එක් පොත් සාප්පු හිමියකු පැවසුවේ රාත්‍රී 7න් පසු තම කඩය විවෘත කිරීමට අකමැති බවයි. මත්පැන් බොන්නන්ගෙන් සිදුවට ගැහැට ඊට හේතුව බව ඔහු කියයි.