දින සියය පිරෙන්න තව දවස් 4 යි


එළැඹෙන බදාදා දිනය වත්මන් රජයට සුවිශේෂීය.රජය බලයට පත්ව දින සියය සපුරන්නේ එදිනටය.වංචාවට හා දුෂණයට තිත තබා, යහපාලනය ස්ථාපිත කර දින සියයකින් රටේ පැහැදිලි වෙනසක් ඇති කරන බවට පොරොන්දු පිට පොරොන්දු දෙමින් පත්වූ මේ රජයේ කටයුතු ගැන නැවත හැරී බැලීමේදී එම දුන් පොරොන්දු වලින් සමහරක් සම්පූර්ණයෙන් ඉටුව ඇති බවත්,තවත් කොටසක් අඩක් ඉටුව ඇති බවත්, අති  බහුතරයක් ඉටුව නැති බවත් හදුනාගත හැකිය.එදා දේශපාලන වේදිකාවේදී හා රූපවාහිනී වැඩහටහන්වලදී වත්මන් රජයේ දේශපාලඥයින් ෆයිල් මිටි ගණන්  ගෙන එමින් හිටපු රාජපක්ෂ රජයේ අනුහස ලබමින් කි‍්‍රයාත්මකයවූ එතනෝල් හා කුඩු  ජාවාරම්කරුවන්ගේ තොරතුරු හෙළි කළේය.ජනතාව රාජපක්ෂ රජයට ආයුබෝවන් කියා නව රජයට බලයට පත්වීමට වරමක් ලබාදුන්නේ එමනිසාමය.නමුත් එදා ෆයිල් ගණන් ගෙනඑමින් දූෂිතයින් ගැන තොරතුරු හෙළිකළත් අද එම දුෂිතයින් අත්අඩංගුවට ගැනීමට  හෝ නව රජයට හැකිව නොමැත.

පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් මෙම තීරුවෙන් හිටපු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් ශී‍්‍ර ලංකා ගුවන්හමුදාවේ යානා අයථා ලෙස පරිහරණය කර තිබෙන ආකාරය හෙළි කළේය.බි‍්‍රතාන්‍ය ගුවන්විදුලියේ සංදේශය සිංහල සේවය මේ සම්බන්ධයෙන් විශේෂ  වාර්තාවක් සිදුකරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් සන්ඬේ ටයිම්ස් හෙළිකර තිබුණු කරුණු පිළිඹද විමසීය.එහිදී ඔහු ප‍්‍රකාශ කළේ එසේ භාවිතා කර ඇති යානා වලට ගෙවිය යුතු වන මුදල් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙවිය යුතු බවය.නමුත් ඔහුගේ  ස්ථාවරය දේශීය ගුවන්විදුලි හා රූපවාහිනී නාළිකා හා අදහස් පළකරන විට සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බව දැකගත හැකිවිය. ටීඑන්එල් රූපවාහිනිය හා  අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එම වියදම් වත්මන් ජනපති හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා එම පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා දැරිය යුතු බවය.මෙම ගෙවීම් සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එසේ යානා  භාවිතා කර තිබෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කීවේය.ඔහු එසේ අදහස් දැක්වූයේ ලෝක බැංකුවේ හා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවීමට ඇමරිකාවේ වොෂින්ග්ටන් නුවර බලා යෑමට ප‍්‍රථමයෙනි.

දූෂිතයින් හා වංචාකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බවට පොරොන්දු පිට පොරොන්දු  දුන්නද දින සියයක ආයුකාලය නිමාවීමට ඔන්න මෙන්න තිබෙන නව රජය එසේ නීතිය ඉදිරියට ගෙන එන ලද දූෂිතයින් හා වංචාකරුවන් ප‍්‍රමාණය ගණන් කිරීමට අතේ ඇගිලි ගණනද වැඩිය.හිටපු අධීක්ෂණ අමාත්‍ය සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට ගෙන එනු ලැබුණු අතර වරද වූයේ ඔහු තම වත්කම් හෙළි  නොකිරීමය.ප‍්‍රබල ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුවූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා නැගී තිබෙන හිටපු අමාත්‍ය දුමින්ද සිල්වා මහතා කිහිප වරක් ගෙන්වාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කළේය.හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධනට හා හිටපු අමාත්‍යවරයෙකුවන රෝහිත  බෝගොල්ලාගමට නොයෙක් වර අල්ලස් හා දුූෂණ විමර්ෂණ කොමිසම ඉදිරියේ පෙනී සිටීමට සිදුවිය.මෙම පුද්ගලයින්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වෙමින් පවතී.ප‍්‍රාදේශිීය මන්තී‍්‍රවරයෙකුට පහර  දුන්නේයැයි චෝදනා නැගී තිබෙන කලූතර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පාලිත තෙවරප්පෙරුම හා කූඪ ලියැවිලි සකස්කළේ යැයි චෝදනා ලැබ  සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක,ඔවුන් දෙදෙනාය.ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ගුවන්ගමන් බලපත‍්‍රයක් සාදා ගත්තේයැයි හිටපු  අමාත්‍ය විමල් වීරවංශගේ බිරිදට චෝදනා නැගී ඇත.සමස්ථයක් වශයෙන් ගත් කළ නව රජය නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්ව තිබෙන්නේ පසුගිය රාජපක්ෂ රජය හා සම්බන්ධව සිටි පුද්ගලයින් තිදෙනෙකු පමණකි.නමුත් වත්මන් රජයේ දේශපාලඥයින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන වේදිකාවේ අදහස් දැක්වූයේ රාජපක්ෂ රජයේ අති බහුතරයක් වංචා හා දුූෂණ කටයුතු වල නියැළී සිටින බව හෙළිකෙරෙන සාක්ෂි තමන් සතුව ඇති බව කියමින්ය.එදා එසේ කී ඔවුන්් අද කටයුතු කරන්නේ  මෙලෙසය.පොලිස් ආරංචි මාර්ග වලට අනුව එසේ චෝදනා නැගී තිබෙන ඇතැම් පුද්ගලයින්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙමින් තිබුණද එම චෝදනා සහතික  කෙරෙන කිසිවක් මේ දක්වාම හෙළිව නොමැත.

පරීක්ෂණ පවත්වා වගකිවයුතු පුද්ගලයින්ට දඩුවම් ලබාදීමට පමා වී තිබෙන්නේ නිසි පරිදි නීතිය කි‍්‍රයාත්මක වීමට ඉඩ ලබාදී තිබෙන හෙයින් බව නිදහසට කරුණ ලෙස  ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටියද එම පමාවට වෙනත් හේතූන්ද තිබෙන බව මේ වන විට අනාවරණය වෙමින් තිබේ.එයින් එකක් වන්නේ වංචා හා දුෂණ පිළිබඳ විමර්ෂණය කිරීමට පත්කර ඇති විශේෂ පොලිස් විමර්ෂණ ඒකකයට අනුයුක්ත කර ඇති  පොලිස් නිලධාරීන්ට එම පරීක්ෂණ කටයුතු සිදුකළ යුත්තේ කෙසේද සම්බන්ධයෙන් විශේෂ විදෙස් පුහුණුවක් ලබාදීමට මෙරට පිහිටි එක්තරා තානාපති කාර්යාලයක සහය ලබාගැනීමට රජයේ ප‍්‍රබලයෙක් කටයුතු කර තිබීමයි.මෙයට පොලිසියේ උසස් නිලධාරීන්ගේ උදහසට හේතුවී තිබේ.ඔවුන් දරන මතය වන්නේ ගැටළුකාරී අවස්ථාවක දේශීය නීති සම්පාදකයින්ගේ අදහස් ලබාගත හැකි නිසා මෙසේ විදේශ පුහුණුවක් ලබාදීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි.ආසියාවේ විශාලම වැට් බදු වංචාව පිළිඹද  පරීක්ෂණය සාර්ථකව නිමා කළේ එසේ දේශීය සහය ලබාගෙන බව ඔවුන් පෙන්වාදේ.

 

අපි මේ නිලධාරීන් පුහුණුව නිමා වෙලා බලන් ඉන්නකන් සිදුවෙන්නේ පරීක්ෂණ පමා වෙන එක.එයාලා ඇවිල්ලා පරීක්ෂණ කරනකොට සමහර විට අවුරුදු ගණනාවක් ගතවෙලා තියේවි.එතකොට දැන් ඉන්න සාක්ෂිකාරයෝ කොහේ ඉදියිද දන්නේ නැහැ.අනෙක මේ සමහර පරීක්ෂණ ඉතාම සංවේදීයි, තවත් සමහර ඒවා ඉස්සරහට සිදුකරගෙන යන්න රජයේ සහය අත්‍යාවශ්‍යයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිළධාරියෙක් සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූයේ  එලෙසය.

මෙයට අමතරව රජය මුහුණදී සිටින තවත් ප‍්‍රධාන ගැටලූ දෙකක් ඇත.ඉන් එකක් වන්නේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වැඩි පොළියට මහබැංකු බැදුම්කර  නිකුත් කිරීමත් එම බැදුම්කර වලින් හරි අඩක් ලබාගෙන ඇත්තේ ඔහුගේ බෑනනුවන් සභාපතීත්වය දරන සමාගමකින් වීමත් මුල්කරගෙන ඇතිව තිබෙන ගැටලූකාරී තත්ත්වයයි.මෙය හෙළිවූ වහාම තම ධූරයෙන් ඉල්ලා අස්වීමට මහබැංකු අධිපතිවරයාගේ  බෑණනුවන් වූ අර්ජුන් ඇලෝසියස් කටයුතු කළේය.සිදුව ඇත්තේ කුමක්දැයි විමර්ෂණය කර බැලීමට රජය කමිටුවක් පත්කළද එම කමිටුවේ සාමාජිකයින්ගේ සුදුසුකම් මුල්කරගෙන එදා සිටම නැගුනේ විවේචනයන්ය.දැන් එම කමිටු වාර්තාව ඉදිරිපත්ව තිබෙන අතර සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන පරිදි එම වාර්තාවේ  අන්තර්ගතව තිබෙන කරුණු එක්සත් ජාතික පක්ෂයට එතරම් සුභනැත.කමිටු සාමාජිකයින්  පරීක්ෂණය දියත් කර ඇත්තේඇත්තේ නිසි සැළැස්මක් නොමැතිව බව එම වාර්තාවෙන් පැහැදිලිව ගම්‍ය වන බව පැවසේ.වාර්තාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන බවට රජය පොරොන්දුවූයේ අවුරුද්දට පෙර වුවත් එය තවමත් ප‍්‍රමාදය.මෙය  මහබැංකු අධිපතිවරයා සැබෑවටම වැරදිකරුවෙකැයි පවතින ජනමතය තවදුරටත් තීව‍්‍ර කරන්නකි.ලංකාවට පැමිණි ඔහු ගෙවුනු බ‍්‍රහස්පතින්දා දිනයේදී අල්ලස් හා  දූෂණ කොමිසමේ ප‍්‍රශ්න කිරීම් වලට කැදවුනු අතර ඔහුගේ සිංගප්පූරු ගමන් බලපත‍්‍රයද කොමිසමේ නියෝගය මත මේ වන තිබෙනුයේ අත්හිටුවාය.

අනෙක් ගැටලූව වන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති  වාතාවරණයයි.රුපියල් බිලියන 177 ක වියදමක් දරා කි‍්‍රයාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය එදාමෙදා තුර දිවයිනේ කි‍්‍රයාත්වක කෙරුනු විශාලම ව්‍යාපෘතියද වේ.

ගාලූමුවදොර ඉදිරිපිට හෙක්ටයාර 233 ක මුහුදුකොටසක් ගොඩකර කි‍්‍රයාවට නැංවෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස පසුගිය රජය සමයේ සදහන්වූයේ ඉඩම් ලබාගැනීම  සීමාවෙමින් තිබෙන නිසා මෙලෙස මුහුද ගොඩකර නගරයක් ඉදිකෙරෙන බවය.ඇතිකෙරෙන නව භූමියෙන් හෙක්ටයාර 88 ක කොටසක් වසර 99 ක බදු සහන  යටතේ හිමිවන්නේ චීනයටය.

 

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පසුගිය මාර්තු 6 වැනිදා සිට මෙම ව්‍යාපෘතියේ කටයුතු තිබෙන්නේ නතරකර දමාය.

ඉන්දියාව මෙම ව්‍යාපෘතිය සළකන්නේ තම ස්වෛරීභාවයට එල්ල වන තර්ජනයක් ලෙසය.වරාය නගරයේ කොටසක් චීනයට පවරා දීමත්,චීන සබ්මැරීන ලංකාවේ  වරායන් වල නැංගුරම් ලා තැබීමේ වාතාවරණයක් සකස්ව තිබීමත් ඉන්දියාව එසේ කලබලවීමට හේතූන් වේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව සොයාබැලීමට රජය පත්කර සිටි කමිටුව පසුගියදා එහි වාර්තාව ඉදිරිපත් කළේය. එම වාර්තාවට අනුව ගොඩකිරීමට යෝජිත හෙක්ටයාර 233 ට වඩා සියයට 200 ගුණයකින් වැඩි මුහුදු කොටසක් ගොඩකිරීම, එනම් හෙක්ටයාර 483  කට ආසන්න මුහුදු කොටසක් ගොඩකිරීම ව්‍යාපෘතියේ කටයුතු භාර චීන සමාගමේ සැළසුමව තිබී ඇත.මෙය එම ව්‍යාපෘති වාර්තාවේ හදුන්වාදී තිබෙන්නේ මුලින්  ඉදිරිපත් කළ සැළැස්ම විශාල කිරීමක් ලෙසය.එසේ විශාල මුහුදු ප‍්‍රදේශයක් ගොඩකිරීමෙන් සිදුවිය හැකි පරිසර හානිය පිළිබඳ අධ්‍යයනයක් පවා සිදුකෙරී නොමැති  බව සඳහන්ය.මුලින් ඉදිරිපත් කර තිබුණු ව්‍යාපෘති වාර්තාවේ ගාලූ මුවදොර පිටියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට හා කොල්ලූපිටිය දක්වා අඛණ්ඩව දිවෙන  වෙරළතීරයක් ඇති කිරීම ආදී යෝජනා නව ව්‍යාපෘති වාර්තාවෙන් කපාදමා තිබෙන බවද අනාවරණයව තිබේ.

කමිටුවේ අදහස වන්නේ ව්‍යාපෘතියේතාක්ෂණිකමය,ආර්ථිකමය,සමාජීයමය නිර්නායකයන් සළකා බලමින් සිදුකෙරෙන පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතුව තිබෙන බවය.

අජිත්ද කොස්තා,මහාචාර්ය රුචිර ගුණරත්න,ආචාර්ය එන්.පී.විජයානන්ද,ආචාර්ය අනිල්  පේ‍්‍රමරත්න,ඉංජිනේරු චානා ප‍්‍රනාන්දු,සුනෙල ජයවර්ධන,ඒ.එස් ඔබේසේකර,ශහීඞ් බැරී,බිම්බා තිලකරත්න,එච්.එන්.ආර් පෙරේරා යනාදීහු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ව්‍යාපෘතිය පිළිබද අදාළ චීන සමාගම ඉදිරිපත් කර තිබෙන පාරිසරික බලපෑම් වාර්තාවේ ඇති ගැටලූකාරී ස්ථාන රාශියක් කමිටු වාර්තාවෙන් පෙන්වාදී තිබේ.මෙවන් වාර්තාවක් සකස් කිරීමට චීන සමාගමට ඉඩදීම සම්බන්ධයෙන් කමිටුවේ දෝශාරෝපණය එල්ලව  තිබෙන්නේ වෙරළාශි‍්‍රත සම්පත් කළමණාකරණය කිරීම පිළිඹද දෙපාර්තමෙන්තුවටය.ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන සමයේ හා එම කටයුතු අවසානයේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන කාලයේ සිදුවිය හැකි පාරිසරික බලපෑම්  පිළිඹද නිසි අධ්‍යනයක් සිදුව නැතැයි කමිටුවේ අදහසවී තිබේ.ඊට අමතරව මෙම ව්‍යාපෘතියෙන් කොළඹ නගර වැසියන්ට සිදුවිය හැකි බලපෑම් පිළිඹදවද අධ්‍යනයක්  සිදුකර නොමැති බවද කමිටුව එහි වාර්තාවෙන් පෙන්වාදී ඇත.

 

මෙයාකාරයෙන් ව්‍යාපෘතියේ ඇති ගැටලූකාරී ස්ථාන 6 ක් කමිටුවේ අවධානයට ලක්ව තිබේ.බේර වැව මුහුදට සම්බන්ධ වන ස්ථානය වසා දැමිීම වැනි යෝජනා එසේ කමිටුවේ  අවධානයට ලක්ව ඇත.තවද යෝජනා සම්මත කර ගැනීමට ව්‍යාපෘතිය භාර පුද්ගලයෝ කටයුතු කර තිබෙන ආකාරයත්,වගකිවයුතු පටිපාටියක් අනුගමනය නොකර හිතුමතයට එම යෝජනා සම්මත කරදීමට ශී‍්‍රලංකාවේ වගකිවයුතු නිළධාරීන් හා ආයතනයන් කටයුතු  කර තිබෙන ආකාරයත් කමිටුවේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

කෙසේනමුත් ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම රටේ අනාගත ආර්ථිකයට ශක්තියක් වන බව බැහැර කිරීමට කමිටුව කටයුතු කර නැත.එසේ වුවත් ඒ සම්බන්ධයෙන්ද සැළකිලිමත්විය යුතු කරුණු දෙකක් වාර්තාවෙන් ඉස්මතු කර ඇත.

 

1.මෙය වරාය නගරයක් ඉදිකිරීමට සුදුසුම කාලයද? (2030 වන විට කොළඹ නගරය කලාපයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්කිරීමට සකස් කර ඇති සැළසුම් සලකන  විට)

2.රටට දැන් අවශ්‍ය වන්නේ මේ සා විසල් ව්‍යාපෘතින්ද?

කෙසේහෝ දැන් වරාය නගරය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම පිළිඹද තීරණය ගැනීමේ බලතල ඇත්තේ ජනපතිවරයා හා කැබිනට් මණ්ඩලය අතය.ජනපතිවරයාට සැළකිලිමත්වීමට සිදුව තිබෙන කරුණු ගැන සැළකීමේදී එම  තීරණය පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර ගැනෙනු ඇතැයි සිතීම උගහටය.

දේශපාලන කටයුතු වලට මද විරාමයක් දීමට පසුගිය 12 වැනිදා ජනපති සිරිසේනට සිදුවිය.අස්ගිරි මහනාහිමියන්ගේ අවසන් කටයුතු වලට සහභාගීව පොළොන්නනරුවේ තම නිවස වෙත ගොස් සිටි ජනපතිවරයාට හදිසි අසනීප තත්ත්වයක් මතුවීම නිසා ඔහුව ගුවන්මගින් වහාම කොළඹ බලා ගෙනඑනු ලැබිණ.නාරාහේන්පිර හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලැබූ හෙතෙම අවුරුදු දිනයේදී නැවත පොළොන්නරුව බලා ගියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ජනපතිවරයා වැඩඇල්ලූයේ ගෙවුනු සතිය මුලදී එම පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ සාමාජිකයින් පිරිසක් එයින් ඉවත් කර දමමින්ය.ටී.බී.ඒකනායක,රෝහිත අබේගුණවර්ධන,සාලින්ද දිසානායක,බන්දුල ගුණවර්ධන හා එස්.එම් චන්ද්‍රසේන එසේ ඉවත්කර දැමුණු සාමාජිකයෝ වූහ.මෙම පස්දෙන ඉවත් කර දැමිීමට හේතුව ලෙස පැවසුණේ මොවුන් රත්නපුරයේ පැවති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත්කරගැනීමේ රැළියට සහභාගී වීමය.නමුත් විශ්වාසදායක ආරංචිමාර්ගයකට අනුව මෙම කණ්ඩායම පසුගිය රජයේ ප‍්‍රබලයෙකුගේ නිවසටවී ජනපති  සිරිසේනව බලයෙන් පහකිරීමේ කුමන්ත‍්‍රණයක නියැලී තිබීම මෙසේ ඔවුන්ව පක්ෂයේ මධ්‍යම කාරකසභාවෙන් ඉවත් කර දැමිීමට හේතුව වී ඇත.මෙම පුද්ගලයින්ගේ  ඉවත්වීමෙන් ඇතිව තිබෙන පුරප්පාඩු වලට අර්ජුන රණතුංග,නන්දිමිත‍්‍ර ඒකනායක,හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර,හා ප‍්‍රසන්ග සෝලංගාරච්චි පත්කිරීමට සැළසුම්කර තිබෙන බව නිල නොවන ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

නිවුනු නායකයෙකැයි සිතා සිටි ජනපති සිරිසේන නොසිතූ ලෙස මෙසේ කි‍්‍රයාත්මක වීම නිසා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් බියවිය.මෙනිසා ගෙවුනු අවුරුදු 10 ක් පුරාවට අවුරුදු සැමරූ ලෙස මෙවර ඔවුන් තංගල්ලේ කාල්ටන් නිවසට ගියේ  නැත.හිටපු ජනපති රාජපක්ෂ ඔහුගේ පාලන සමයේ අවුරුදු සැමරූයේ මහත් උත්සවශි‍්‍රයෙනි.එදිනට ඔහුගේ නිවස දේශපාලඥයින්ගෙන්,මාධ්‍යවේදීන්ගෙන් පිරී  යන්නේය.දවස පුරා ඔහු නිවසේ අවුරුදු චාරිත‍්‍ර වල යෙදෙන අයුරු රූපවාහිනියෙන් විනාශනය කෙරෙන්නේය.ගෙවුනු අවරුදුදා එම තත්ත්වය හාත්පසින්ම වෙනස්ව තිබෙනු දැකගත හැකිවිය.මහින්ද රාජපක්ෂ හා අවුරුදු සැමරීමට එක්ව සිටියේ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් වන විමල් වීරවංශ හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන දෙපළ පමණකි.

මෙය මුල්කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයින්ට නැගුනු අවලාද හා අවමන් අපමණ විය.මහින්ද රාජපක්ෂ නායකයා යැයි කීවද ඔහු හා අවුරුදු සැමරීමට යෑමටත් දැන් කිසිවෙක් නොමැති බව කියමින් බොහෝ දෙනා හිටපු ජනපතිවරයා හා  ඉතාම සමිීපයෙන් සිටි දේශපාලඥයින්ව හාස්‍යයට ලක්කළහ.මෙයට ඉක්මන් ප‍්‍රතිචාරයක් ලැබිණ.අවුරුදු දිනයට පසුදාම පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 41 දෙනෙකුගෙන් සමන්විත  කණ්ඩායමක් හිටපු ජනපතිවරයා හමුවීමට පිටත්විය.එම මන්තී‍්‍රවරු අතර ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 35 දෙනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු 6 දෙනෙකුත් සිටියහ.

එක්සත් ජාතික පක්ෂය,දෙමළ ජාතික සන්ධානය,ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය,ජනතා විමුක්ති පෙරමුණ ට 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සිදුව ඇත්තේ  එහි අන්තර්ගත යෝජනා තවදුරටත් සංශෝධනය විය යුතු,අසම්පූර්ණ තත්ත්වයක තිබියදීය.මෙවන් ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්තක්,එනම් තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ අභියෝගය නව රජය හමුවේ ඇත.

රජය හමුවේ ඇති තවත් අභියෝගයක් වන්නේ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයන්ය.ඉදිරි  පාර්ලිමෙන්තු මැතිවරණය දැනට පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වා අලූතින් පත්වන පාර්ලිමෙන්තුවට නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමේ වගකීම පැවරිය යුතුව ඇතැයි අගමැති රනිල් වික‍්‍රමංසිහ ඉදිරිපත් කර තිබුණු යෝජනාවට ජනපති සිරිසේන

මුලින් කැමැත්ත පළ කර තිබුණද දැන් ඔහුද තම පක්ෂයේ මතයට හිස නමමින් මැතිවරණ ක‍්‍රමය එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයට පෙර වෙනස්විය යුතු බව පවසමින් සිටී.මෙය නව රජයේ ප‍්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා නොකළ දෙයකි.

මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුයැයි යෝජනා ඉදිරිපත් කළ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට තම යෝජනා නැවත සළකා බලන්නට සිදුව ඇති හෙයින් අද හා හෙට දිනයන්හිදී 19 ඒ ව්‍යවසථා සංශෝධනය පිළිඹද පාර්ලිමෙන්තු විවාදයට එක්වීමට කැමැත්ත පළ කර තිබේ.මෙම ව්‍යවස්ථා සංශෝධනයේ මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීමක් ගැන සදහනක්  නැත.19 ඒ සම්මත කර ගත්තායින් පසු 20 ඒ යැයි තවත් ව්‍යවස්ථාවක් ඉදිරි දින වලදී සම්මත කරගැනීමට නියමිත අතර මැතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් පිළිඹද යෝජනා ඇතුලත්වන්නේ එයටය.යෝජිත 20 ඒ ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර දේශපාලන පක්ෂ නායකයින් වෙත ලබාදුනි.කේවල හා සමානුපාතික ඡුන්ද ක‍්‍රමයන්ගේ මිශ‍්‍රණයක් වන නව ඡුන්ද ක‍්‍රමයක්,පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 225 සිට 260 දක්වා ඉහළ දැමිීමක් ඇතුලූ යෝජනා එහි අන්තර්ගතය.මෙසේ 20 ඒ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම යනු මැයි මස පාර්ලිමෙන්තුව විසිරුවා ජූනි මස පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට ජනපතිවරයා හා නව රජය ගෙන තිබූ තීරණය නැවත වරක් වෙනස් කරන්නක් වනු ඇත.ව්‍යවස්ථා දෙකක් එක ළග සම්මත කරගැනීම  යනු කාලය වැයවන කටයුත්තක් බව  ඕනෑම අයෙකුට පැහැදිලි වන දෙයකි.

මෙනිසාම අප්‍රෙල් මස 23 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවාහරින බව කියමින් සිටි එක්සත් ජාතික පක්ෂය දැන් ඒ පිළිඹද කිසිදු හඩක් නගන්නේ නැත.කරන්නට දෙයක් නොමැති තැන ඔවුන් ජනපතිවරයා හා අනෙක් පක්ෂ ගන්නා තීරණ දෙස බලා ඔවුන් අනුගමනය කරන අයුරක් පෙනේ.නමුත් කොයි කරම් කාලයක් මෙලෙස සිටින්නද?

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ දිනවල සිටින්නේ මැතිවරණ කොමසාරිස්වරයාගේ හා ජාතික හෙළ උරුමයේ තාක්ෂණික සහය ලබාගෙන නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමේ කටයුතු වල නියැළීය.විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු  සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහි වැඩිබර කරට ගෙන සිටී.විශාල ඡුන්ද දායකයින් පිරිසක් සිටින ඡුන්ද කොට්ඨාශ කුඩා කොට්ඨාශ වලට කඩා දැනට තිබෙන බලවත් 

ඡන්ද බල ප‍්‍රදේශ හා දුබල ඡන්ද බල ප‍්‍රදේශ භේදය නැති කිරීම කෙරෙහි මේ සියලූදෙනාගේ අවධානය යොමුව තිබේ.මෙසේ ඡුන්ද කොට්ඨාශ කැඞීමෙන් නව  නියෝජිතයින්ට පාර්ලිමෙන්තුවට පත්වීමට අවස්ථාව ලැබීම නිසා පාර්ලිමෙන්තු නියෝජනයද ඉහළ යන අතර 20 ඒ ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 260 ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසය.

මේ පිළිබද අධ්‍යනය කරන විශේෂඥයින් පවසන්නේ සියලූ දේශපාලන පක්ෂ වලට  පාර්ලිමෙන්තුව නියෝජනය කිරීමට සමඅවස්ථා ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීම වැදගත් බවයි.සියල්ල තීරණය වන්නේ යෝජිත මැතිවරණ ක‍්‍රමයට එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කැමැත්ත හිමිවීම මත බව පවසන ඔවුන් දෙපාර්ශවය තර්ක විතර්ක වල නියැලී සිටියහොත් මැතිවරණ ක‍්‍රමය සම්මත කර ගැනීම තවත් කල්යෑම නොවැළැක්විය හැකිවනු ඇති බව පෙන්වාදේ.

නව මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීම සදහා පත්ව සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සිව්පුද්ගල කමිටුවේ සාමාජිකයින් වන ද සිල්වා,මහින්ද සමරසිංහ,ඩිලාන් පෙරේරා,ජී.ඇල්  පීරිස් හමුවේ මැතිවරණ කොමසාරිස්වරයා පවසා තිබෙන්නේ යෝජිත නව මැතිවරණ  ක‍්‍රමය මාස 2 ක කාලයක් ඇතුළත කි‍්‍රයාවට නැංවිය හැකි බවය.එනම් 20 ඒ සංශෝධනය සම්මත කර ගත්තායින් පසුවද තවත් මාස දෙකක කාලයක් නව මැතිවරණ ක‍්‍රමය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සැකසෙන තෙක් සිටිය යුතුවේ.20 ඒ සංශෝධනය වෙනම යෝජනාවලියක් ලෙස ඉදිරිපත් කෙරෙන බැවින් ඒ සම්බන්ධ ජනමත විචාරණයක් පවත්වා අවසන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුවීමද මැතිවරණ ක‍්‍රමය  කි‍්‍රයාත්මක කිරීම අද හෙට සිදුකිරීමට නොහැකි බව තවදුරටත් පෙන්වා දෙන්නකි.මේ සියල්ල සළකා බලා තිබෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අනුව  පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වීමට අගෝස්තු මාසය දක්වාවත් කල්දැමිය යුතුය.

පාර්ලිමෙන්තු මැතිවරණය කල්යෑම යනු එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව රජයට සුභ ලකුණක් නොවේ.රජයේ අන්තර්ජාතික සබදතා කෙරෙහි ඉන් ඇතිවන බලපෑම ඉමහත්ය.ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී තිබෙන යුධ අපරාධ චෝදනා විභාග කිරීම මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කල්දමාගැනීමටත්,එම චෝදනා පිළිඹද සොයාබැලීමට දේශීය යාන්ත‍්‍රණයක් පිළියෙල කරන බවටත් විදේශ අමාත්‍ය  මංගල සමරවීර ඇමරිකාවට පොරොන්දුවූයේ දින සියයයේ වැඩපිළිවෙලට අනුව නියමිත

දිනයේදී පාර්ලිමෙන්තුව විසිරුවන බවට දුන් පොරොන්දුව මත පිහිටාය.නමුත් දැන් එවැන්නක් සිදුවන ලකුණකුදු නොපෙනේ.

මෙනිසාම මෙම චෝදනා විමර්ෂණය කළ හැකි දේශීය යාන්ත‍්‍රණයක් සකස් කිරීම පාර්ලිමෙන්තු මැතිවරණයෙන් පසු බලයට පත්වන නව රජයකට දැරීමට සිදුවන පළමු වගකීම වනු ඇත.චෝදනා විමර්ෂණය කිරීම දේශීයව කි‍්‍රයාත්මක වන යාන්ත‍්‍රණයකට වඩා නිරවද්‍යව හා කාර්යක්ෂමව සිදුකළ හැකියැයි වත්මන් රජය අන්තර්ජාතික ප‍්‍රජාවට  ඒත්තු ගන්වා ඇති හෙයින් මෙය සුලූවෙන් තැකිය නොහැකි දෙයකි.මෙනිසා එවන් යාන්ත‍්‍රණයක් සකස් කිරීම කල්යැවීම අවාසිසහගත වන්නේ අප රටටමය.

එදා ජනපතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු අන්තර්ගත 19 ඒ සංශෝධනයත් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස එම පක්ෂයේ මතයට හිස නමන්නට සිදුව ඇති නිසා ඉදිරිපත් කෙරෙන 20 ඒ සංශෝධනයත් අතර ජනපති සිරිසේන සිරවී සිටින්නේ මෙලෙසය.ඊට අමතරව ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ බලය තමන් වෙත නතුකර ගැනීමේ සටනක නියැළීමටද ඔහුට සිදුව ඇත.යෝජිත මැතිවරණ වෙනස්කම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය එක් මතයකට ගෙනඒමේ වගකීමද ඔහුට ඇත.පසුගියදා පැවති ජාතික විධායක කවුන්සිල රැුස්වීමේදී අපි බහිනවා කී ඔහු සැබෑවටම වැඩට බැස ඇති බව පෙන්වූයේ රාජපක්ෂ හිතවාදීන් කිහිපදෙනෙකු ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරමින්ය.මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒමට අවස්ථාවක් ලබා නොදීම ඔහුගේ අරමුණ බව එයින්ම පැහැදිලි විය.එය එක්තරා ආකාරයකට ජනපතිවරයා ඉදිරියේ කෙසේ කි‍්‍රයාකරනු ඇත්දැයි පෙන්වාදෙන්නකි.නමුත් ඔහු හා නව රජයේ ගමන්මග ගැන පළවන මතිමතාන්තර වෙනස් කිරීමට එය ප‍්‍රමාණවත් නැත.මේ දිනවල සාමකාමිී දේශපාලන වාතාවරණයක් තිබෙන බව පෙනුනනද යටින් ඇත්තේ ගිනි අඟුරුය. ඊට මැදිව සිටින්නේ ජනපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහය.