දින 25ක් මූද මැද බඩගින්නේ


මූද මැදදී දින 25ක්ම නිරාහාරව සිටි බව ගාල්ලට ගෙ ආ මියන්මාර ජාතිකයන් නාවික හමුදාව සමග පැවසීය.

අඩු ගණනේ මාස දෙකකුත් දින පහක්වත් ඔවුන් මුහුදේ සිටින්නට ඇතැයි නාවික හමුදාව කියයි.

මාළු ඇල්ලීම සඳහා කිසිම උපකරණයක් ද ඔවුන් ළඟ තිබී නැත.

එහෙත් මස් කෑ බව භාෂා පරිවර්ථක හිමි නම මගින් කියා තිබේ. මස් වර්ගය මොනවාදැයි නොපැවසූ බව ද හමුදාව කියයි.

ඔවුන්ගේ සගයන් අනූ දෙදෙනකු විටින් විට මිය ගිය බවත්, ඔවුන් මුහුදට දැමූ බවත් නාවික හමුදාව සමග පවසා තිබේ.