දින 17කට පසු කතක පණ පිටින්


ධකා අගනුවරදී දින 17කට පෙර කඩා වැටුණු අට මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ සුන් බුන ඉවත් කරද්දී කතක් පණපිටින් සොයා ගත් බව සහන සේවකයෝ කියති.

ප්‍රමිතියෙන් තොර මේ ගොඩනැගිල්ල කඩා වැටී දහසකට වැඩි ගණනක් මිය ගිය බව යුද හමුදාව කියයි.

ගොඩනැගිල්ල කඩා වැටීමත් සමග ඔක්සිජන් හා වතුර නළ මගින් යැවීම නිසා ඇයගේ පණ රැකෙන්නට ඇතැයි සහන සේවකයෝ කියති.