(මහින්ද නිශ්ශංක)
මෙවර සිංහල අවුරුද්ද නිමිත්තෙන් ගමන් බිමන් ගිය මගීන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය දින 11දී රුපියල් මිලියන 721 ක (රුපියල් කෝටි 72.1 ක්) ආදායමක් ලබා ඇතැයි එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී පී.එච්.ආර්.චන්ද්‍රසිරි මහතා පවසයි.
අප්‍රේල් මස 6 සිට 16 දක්වා කාලයේ අතිරේක බස් රථ ඇතුළු බස් රථ 5600 ක් ධාවනයට එක් කළ බවත් රට පුරා ඇති ප්‍රාදේශික 12 න් වැඩිම ආදායම ඌව ප්‍රාදේශිකය උපයාගෙන ඇති බවත් එහි ආදායම රුපියල් මිලියන 79.4 ක් බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාව යළි ආපසු පැමිණි අප්‍රේල් 16 වැනිදා පමණක් ලංගම ලැබූ ආදායම රුපියල් මිලියන 59.8 ක් බවද ඔහු පවසයි.

