දින 100 කෙරුවාව සොයයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දින 100 වැඩපිළිවෙළ විස්තරාත්මකව මැන බලන ‘මෛත්‍රී මීටරය‘ අන්තර්ජාලයට මුදා හැර ඇත.

මෙය වසර දෙකක් පුරා පාර්ලිමේන්තු නිරීක්ෂණයෙහි නියැලෙන Manthri.lk වෙබ් අඩවිය විසින් සිදුකරනු ලබයි.

http://www.manthri.lk/?locale=si

මේ වන විට දින 100 වැඩපිළිවෙළ 18%ක ප්‍රගතියක් පෙන්නුම් කරයි.

මීට අමතරව දින 100 වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ගැන මහජන මතය විමසීම සඳහා විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමට රජය සැරසේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සමීක්ෂණය පිළිබ ඳ තොරතුරු www.pmm.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

මේ සම්බන්ධ අදහස් හා යෝජනා චෝදනා සියල්ල ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති කළමනාකරණ හා නිරීක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා බැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 ලිපිනයට එවන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

web-aaa