දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති


(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

ජන්දය ඉතා සමකාමීව පැවති බවත්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති බවත්, තේරීම් භාර නිලධාරීවරයා සදහන් කලේය.

මේ වනවිට අමතර ජන්ද මධ්‍යස්ථානවල සිට කොට්ඨාස ජන්ද මධ්‍යස්ථානවල ස්ථාපිත කර ඇති ගනන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව ද , සියළුම ජන්ද පෙට්ටි ලැබුන වහාම ජන්ද ගනන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු සූදානම්කර ඇති බව ද, ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.