දිගන ගුවන්තොටුපොළ ඉදිකිරිම් ගැන සොයන්න කමිටුවක්



 

(ශිරාන් රණසිංහ)


ඉදිකිරීම් කටයුතු අතරමග නතර කර ඇති දිගන අභ්‍යන්තර ගුවන් තොටුපලේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට අදාළව සොයා බැලීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් විද්වත් කමිටුවක් පත්කර ඇත.


ඉකුත් පාලන සමයේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 197ක වියදමක් දරා මෙහි ඉදිකිරීම් සිදුකළ අතර පරිසර සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක විරෝධතා මත එය නතර කර දැමිණි.


ඒ අනුව දැනට නවතා ඇති ව්‍යාපෘතියේ අඩුපාඩු සොයා බලා යළි ව්‍යාපෘතිය දියත් කිරීමට ඇමතිවරයා විසින් මෙම විද්වත් කමිටුව පත් කර ඇත.