දික්කුඹුර විදුහලේ විදුහල්පති අත්අඩංගුවට


රත්තොට දිකුකුඹුර විදුහලේදී අඹ ගසකින් වැටී සිසුවකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ  විදුහල්පතිවරයා  අද සවස  සවස සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලීසිය කියයි.

ඉකුත්  සිකුරාදා (27)  පාසල්වත්තේ අඹ  ගසකින් ඇද වැටී බරපලත තුවාල ලබා මිය ගිය මාතලේ රත්තොට දික්කුඹුර විද්‍යාලයයයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු කසුන් බුද්ධික රණතුංග සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාක්කි මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු හෙට (01) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.