දික්කසාදය ඉහළට


දික්කසාද නඩු දහසකට අධික ප‍්‍රමාණයක් පසුගිය වසරේදී කොළඹ දිසා අධිකරණයට ලැබී ඇතැයි වාර්තා වේ.

දික්කසාද නඩු දහස ඉක්මවු පළමු වතාව මෙය බව අධිකරණයේ නිළධාරියෙක් පැවසීය.

පසුගිය වසරේදී දික්කසාද නඩු 1004ක් ලැබිණි. 2014 වසරේදී 998 කි. 2013 දී නඩු 876 ක් 2012 දී නඩු 943 කි.

දික්කසාදයක් ලබා ගැනීම ස`දහා ඉදිරිපත් කළ යුතු චෝදනා තුන අතුරින් ද්වේශ සහගත ලෙස අතහැර යෑම යන චෝදනාව මත මෙම නඩු අතරින් වැඩිම නඩු ප‍්‍රමාණය ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.