හැටන්, දික්ඔය රෝහලේ එකතුවන කැළිකසල කිලෝ 300ක් පමණ කළමනාකරණය කර දිරාපත්වන අපද්‍රව්‍යවලින් ජීව වායුව නිපදවා රෝහල් මුළුතැන්ගෙයි දෛනික කටයුතුවලට යොදා ගන්නා බව රෝහල් සේවකයෝ කියති.
රෝහලේ එකතු වූ කැළිකසල රෝහල අවට පරිසරයට මුදාහැරීම නිසා පරිසර හානියක් සිදුවෙතැයි පසුගිය කාලයේ ප්‍රදේශවාසීහු චෝදනා කළ අතර මධයම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ උපදෙස් පරිදි මධ්‍යම පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ජීව වායු පද්ධතිය සවි කැරිණි.
ජීව වායු පද්ධතියෙන් ගිලන් රථ රියදුරන්ගේ නිල නිවාසයේ කටයුතු වලටද පහසුකම් ලබාගෙන ඇති අතර ඉදිරියේදී එම පද්ධතිය පුළුල්කර රෝහලේ සෙසු කාර්ය මණ්ඩල නිල නිවාසවලට ද ලබාදීමට සැලසුම් කර ඇතැයි කියති.
රෝහලේ එකතුවන ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කර ඒවායින් ලැබෙන අමතර ආදායම රෝහලේ සංවර්ධන කටයුතුවලට ලබාදෙන බව ව්‍යාපෘතිය භාර නිලූප ඒකනායක මහතා පැවසීය.






