දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් වෙනස්ම ආකාර වල හැකියාවන් ඇති අයවලූන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කරගනින් දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් සඳහා පිහිනීමේ පාඨමාලවක් ඇරඹීමට ‘කැන්ඞ්ල් ඒඞ්’ ආයතනය මුලපුරා තිබේ. එහි සමාරම්භක වැඩසටහන පසුගියදා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්විණ.
කී‍්‍රඩාවක් ලෙසත්, ආත්ම ආරක්ෂාව සඳහාත්, විනෝදාස්වාදය සඳහාත් පිහිනීම හැදෑරිය හැකි බවත් දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත හෝ කථන අපහසුතා ඇති ළමුන්ට ඒ සඳහා කිසිදු බාධාවක් නැති බවත් ‘කැන්ඞ්ල් ඒඞ්’ ආයතනයේ අදහසයි.
මෙම පාඨමාලාවට අදාල පුහුණුවීම් සෑම අඟහරුවාදා දිනකම සහ බ‍්‍රහස්පතින්දා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ.
දෘශ්‍යාබාධිත, ශ‍්‍රව්‍යාබාධිත සහ කථන අපහසුතා ඇති ළමුන් වෙනස්ම ආකාර වල හැකියාවන් ඇති අයවලූන් බවට පත්කිරීමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ පිහිනීමට පුහුණුවූ දරුවන් තම හැකියාව ප‍්‍රදර්ශනය කරන අයුරු......
ඡයාරූප සහ විස්තර : - ශානුක අරවින්ද