දෑතේ දෙපයේ පලේ කුමට : පෙම් සවිබල තිබේ අපට


දෙපා අහිමි කාන්තාවකට ආදරය කළ ආබාධිත පෙම්වතා විවාහ වී දරු සුරතල් බලමින් සතුටින් ජීවත්වෙයි .මධුරන්කුලියේ පදිංචි මෙම යුවල දඹුල්ලට පැමිණ සිටිති.

බිරිය රෝද පුටුවේ වාඩිවී දරුවා ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරන්නීය. කිහිලි කරුවක ආධාරයෙන් දෙපා බිම තියන සැමියා මේ දෙන්නා සමග රෝදපුටුව තල්ලුකරගෙන යයි. මේ ඔවුන්ගේ ජීවිතයයි..ජනතාවගෙන් ලැබෙන රුපියල් දෙක ඔවුන්ගේ කුස ගින්න නිවයි.

ඊ .ඒ .බන්දුසේන (52) මහතා උපතින්ම ආබාධිතය .වසන්තිලතා මිට වසර ගණනාවකට පෙර ඇගැළුම් ශාලාවක සේවය කළාය ඇය දුම්රියෙන් යමින් සිටියදී ඇඳවැටී දෙපා අහිමිවිය .දෙපා අහිමි වූ පසු පවුලේ පිරිසට එපා වී මහමඟ දැමූ බව කියති. පසුව බන්දුසේන ඇගේ නිත්‍ය ආරක්ෂකාය විය .ඔවුන්ගේ දරුවාගේ වයස අවුරුදු එකහමාරකි .

DSC06584 DSC06589 DSC06591