කේ .එච් .උදය ගුණවර්ධන (52) මහතා ගලේවෙල කුබුක්ගොල්ල ගමේ පදිංචිව සිටි .ගලේවෙල ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු ලෙස සේවය කල උදය 1996 වසරේ ඇමති කෙනකු පැමිණි උත්සවයකට ජාතික කොඩි සිටුවා එය ගැලවීමට යද්දී යකඩ බටයක් විදුලි කම්බියේ පැටලී විදුලි සැර වැදී දෑත් අහිමි වී ඇත .දැන් උදය කාටවත් බරක් නැතිව ගොවිතැනක් කරගෙන ජිවත් වෙනවා .ඔහුට සිදුව ඇති අසාධාරණය වන්නේ සේවය ස්ථිර තිබුනද විශ්‍රාම වැටුප අහිමි වීමය
මෙම ආදර්ශමත් මිනිසා වගා කරයි .තමන්ගේ සියලු වැඩ කරගනියි .කටින් පොල් ලෙලි ගහයි.








