ජනමාධ්‍යවේදීන්ගේ මංගල මැයි රැලිය කොළඹ විජේරාම මාවතේ සව්සිරිපායේදී ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.
ඇමැතිවරයා එහිදී කියා සිටියේ වසරක් පාසා ජනමාධ්‍යවේදීන් ඇගයීමේ වැඩපිළිවෙළක් අරඹන බවයි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අගය කරමින් කථා කළ ඔහු පැවසූයේ ජනමාධ්‍යවේදීන් මවිතයට පත් කරන දෙයක් ලබන 11 වැනිදා සිදුවන බවයි.
එය කුමක්දැයි දැන්ම නොකියන බවත් ඔහු කීවේය. තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා බවත් ඊට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ අදහස් උදහස් ලබාගන්නා බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.
අමාත්‍ය පී.හැරිසන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
ජාතික හා ප්‍රාදේශීය ජනමාධ්‍ය එකතුවේ සභාපති කාංචන කුමාර ආරියදාස මහතා කියා සිටියේ නොයෙකුත් බාධක මැද සිය මංගල රැලිය පැවැත්වීමට හැකි වීම සමස්ථ මාධ්‍යවේදීන් හා තොරතුරු දැනගැනීමේ ආශාවෙන් සිටින සියලු දෙනා ලද ජයග්‍රහණයක් බවයි.








