දැව හොරු යලිත් මන්නාරම් රක්ෂිතයට පනිති


මන්නාරම මුල්ලිකුලම රක්ෂිතයෙන් රුපියල් ලක්ෂ තුනහමාරක බුරුත ගස්  10 ක දැව කදන් 27 ක් ටිපර්  රථයකින්  මුල්ලිකුලම රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදී අද (27)අලුයම  2.00 ට පමණ මඩුපාර අඩවි වන නිලධාරීන් විසින් සැකකරුවන් 3 ක්, දැව ප්‍රවාහනය කළ ටිපර් රථයක් හා යතුරු පැදියක්ද අත් අඩංගුවට ගෙන ඇත.

පසුගිය 13 වැනි දා මෙවැනිම වැටලීමක් සිදුකර දැව තොගයක් හා ටිපර් රථයක් අත්අඩංගුවට ගත්තේය.