දැරියයි වානරයයි අපූරු මිතුදමක


ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ ජීවත්වන එමිලා බ්ලැන්ඩ් හය හැවිරිදි පුංචි දැරියකි. ඇයට වයස අවුරුදු දෙකේදී අසමාන මිතුරෙක් හමුවිය. ඒ රිසිය. රිසී උරන්උටං සතෙකි. ඒ මිතුදම පසුකලකදී අඹ යහළුවන්ගේ තත්ත්වය දක්වා වර්ධනය විය.

ඔවුන් එකට විනෝද ගමන් ගියහ. එකට කෑම ගත්හ. එකට තටාකයට බැස විනෝදයෙන් විහිළුතහළුවෙන් ජල ක්‍රීඩාවේ යෙදුනහ.

මේ අවුරුදු හතරක කාල පරාසය තුළ රිසි වේගයෙන් හැදෙන්නට පටන් ගත්තේය. එනිසාම දැන් රිසීට එමිලිගෙන් සමුගැනිමේ කාලය එළඹ ඇත.

සත්ත්ව ආරක්ෂකයන් පවසන්නේ රිසි කලහකාරී නොවුනත් පුංචි එමිලිව ඇසුරු කිරීම ඉදිරියට අවදානම් වියහැකි බවයි.

එමිලි එනිසාම රිසිට පරිගණක කියා දුන්නාය.

ඒ වෙඩ් කැමරා ඔස්සේ දෙදෙනා හමුවීමටය. එමිලිගේ බලාපොරොත්තුව ඉදිරියේදී වෙබ් කැමරාවකින් රිසිව අමුවීමය.