(මනෝප්‍රිය ගුණසේකර)
මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේදී ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මරණ බවට තර්ජනය කොට කෙළසා ඇතැයි පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 18,000 ක දඩයකටද ඔහු යටත් කළේය.
මීට වසර 08කට පෙර අවස්ථා කිහිපයකදීම මරණ බවට තර්ජනය කොට බාලවයස්කාර දියණිය කෙළසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළී වී ඇත්තේ දැරිය ගැබිනියක් වීම නිසා බව නඩු විභාගයේදී හෙළී විය.

