කොළඹ පෞද්ගලික රෝහලක දී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක දෝෂයකින් මිය ගිය බුද්ධි කෞෂල්‍යා රත්නායක දැරියගේ මරණයට හේතුව කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රකාශයට පත් කළේය.
හෘද්ධය වස්තුව අක්‍රීය වී මොලයට ලේ සැපයීම ඇන හිටීම දැරියගේ මරණයට හේතුව බව මහේස්ත්‍රාත්ගේ නිගමනය විය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මරණ පරීක්ෂණයකදී අධිකරණ වෛද්‍ය නිලධරයාගේ සාක්කිය අනුව තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.
ඉංජිනේරුවකු වන දැරියගේ පියා තිලංක රත්නායක මහතා සහ මව චමිලා රත්නායක මක්හිද සාක්කි දුන්හ.