මිනුවන්ගොඩ, දෙවලපොල, කමරාගොඩ 304 / බී 1 , නිවසේ පදිංචි බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු (9) ස්නායු රෝගී තත්ත්වයකට පත්වීමෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇයට කතා කිරිමට හා ඇවීදිමට නොහැකි බවත් විටින් විට සිහි මුර්ජා වන බවත් ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ජිතාංග වනිගසිංහ මහත්මිය කියයි.
ඇයට බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞතික චිකිත්සක ප්‍රතිකාර සිදු කරයි.
ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 30,000 ක් පමණ වැය වන බව ඇයගේ පියා වන බී.ටී.කේ.ප්‍රනාන්දු මහතා පවසයි. වසර නවයක් පුරා සියලු වියදම් ප්‍රාදේශිය මාධ්‍යවේදීයකු ලෙස ලැබුණු මුදල් වලින් හා දේපළ විකීණිමෙන් බව ඔහු කියයි.
දැනට ආරම්භ කර ඇති ප්‍රතිකාර වසර පහක් පුරා නොකඩවා ලබාදිය යුතුව බවත් එසේ නොවුන හොත් ඇයගේ ජිවිතයට අවදානමක් ඇතැයි ද වෛද්‍ය වනිගසිංහ මහත්මිය කියයි.
කර කියා ගත නොහැකි නිසා දියණිය සුවකර ගැනීමට පරිත්‍යාගශීලින්ගේ සහය පතන බව පියා පවසයි.
බී.ටී.කේ.ප්‍රනාන්දු, මිනුවන්ගොඩ ලංකා බැංකු අංක - 3086029
බි.ටී.කේ.ප්‍රනාන්දු,මිනුවන්ගොඩ මහජන බැංකු අංක - 021200100019919 වලට බැර කළ හැකිය.
දුරකථන අංක (පියා) - 0775823200



