යක්ෂයකු එළවීම සඳහා හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරියගේ දෙපා පුළුස්සා බරපතල තුවාල කළ බව කියන යකදුරකුද වන ගුරු උපදේශක ධර්මසිරි ජයලත්ගේ වැඩ කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හේමසිරි ගුණවර්ධන මහතා විසින් තහනම් කරනු ලැබීය.
ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් දැරිය කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

