දැරනියගල මාගල වයස අවුරුදු 7ක දැරියක සහ අවුරුදු 45ක පුද්ගලයකු කපා කොටා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කළ බව කියන සැකකරුවකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පෙරදින රාත්‍රී 10ට පමණ මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
බරපතල තුවාල ලැබූ කාන්තාව අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවනු ලැබ ඇත.
මිය ගිය දැරියක තුවාල ලැබූ කාන්තාවගේ දියණිය බවත්, මිය ගිය පුද්ගලයා ඇගේ ඥාතියකු බවත් පොලිසිය කියයි.

