දැයට කිරුළේ හිටපු ලොක්කීගෙන් රහස් ප්‍රකාශයක්


දැයට කිරුළෙන් රුපියල් තුන් කෝටි අනූ ලක්ෂයක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී කාන්ති ගුණවර්ධන රහසිගත ප්‍රකාශයක් කිරීමට කොළඹ කෙටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් අද අවසර පැතුවාය.

ලබන 12වැනිදා එම ප්‍රකාශයට ඉඩ දුන් මහේස්ත්‍රාත් ඇය එදින තෙක් යළි රිමාන්ඩ් කළේය.

17 හැවිරිදි පුතා ද, දෙවැනි අයිතිකරු ලෙස නම් කර ඇති රන්සර ඉදිකිරීම් සමාගම නමින් ටෙන්ටර් පරිපාටියෙන් බැහැරව දැයට කිරුළේ වැසිකිළි කොන්ත්‍රාත් ලබා ගෙන ඇතැයි ද එහෙත්  එකම වැසිකිළියක්වත් සාදා නැතැයි ද, ගිවිසුම අත්සන් කිරීමටත් පෙර එම සමාගමට රුපියල් ලක්ෂ 50ක් ගෙවා  ඇතැයි ද, රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.